රනිල්, ටිරාන් පරපිඩක ආණ්ඩුව පරදවමු !

ත්‍රස්තවාදී වැළැක්විමේ පනත, ඇතුළු මර්දන අණ පනත් අහෝසී කරන්නැයි බල කර සහ ගාලුමුවදෝර පැවති විරු සමරුව කඩාකප්ප කර, නීති විරෝධිව අත්අඩංගුවට ගැනිමට එරෙහිව නීතිඥවරුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඊයේ 10) සවස ගාලුමුවදෝර විරෝධතා උද්ඝෝෂණක් පැවැත් විණ.
ත්‍රස්තවාදී වැළැක්විමේ පනත අහෝසි කරන ලෙසත් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය තහවුරු ලෙසත්, රනිල්, ටිරාන් පරපිඩක ආණඩුව පරදමු යැයි සඳහන් සටන් පුවරු රැගත් උද්ඝෝෂකයින් පෙළපාලියෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළ අතර පසුව පොලිසිය උද්ඝෝෂකයින් ගේ ගමන වැළැක්විම සඳහා බැරියල් යොදා පාර වසා දමන ලදී.
පසුව උද්ඝෝෂකයින් බැරියල් ඉදිරිපිට රැස්විමක් පවත්වා විසිර ගියහ.










