විසි දෙකට එරෙහි පොදුජන පෙරමුණ සිට ගනි

ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ගෙන එමට නියමිත විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් ජන්දය නොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අත්ම ගරුත්වයක් ඇති තමාට ද ජන්දය ප්‍රකාශ කළ නොහැකි බව කාරියවසම් පැවැසීය.
රටට විශාල විනාශයක් ඇති කළ සහ රට ආරාජික කිරීමට හේතු වු දහනවම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම සඳහා 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝනයට පක්ෂව ජන්දය දුන් පිරිසක් ලෙස නැවැතත් 19 වැනි කෙටුම් පනතට ජන්දය දෙන්නේ කෙසේදැයි කාරියවසම් ප්‍රශ්න කර සිටියේය.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 20 සහ 21 යන දෙදින පැවැත්විමට නියමිත අතර පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ජන්දය විමසීම 21වැනිදා පැවැත්වේ.
22 වන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා දේශපාලන පක්ෂ කිපයක් විසින් සංශෝධන දැනටමත් රාජයට බාර දී ඇත.