මම වසන්ත මුදලිව පාවා දුන්නේ නැහැ දිලිප පිරිස් කවටයෙක්ද?

0
76270a3bc1493ef823d52818bca2c316

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රචණ්ඩ ක්‍රියාව වල යෙදුනා හෝ එම මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ‌තමාට පහර දී පැමිණි යා කියා හෝ කිසිම තැනක ප්‍රකාශ කර නැකැයි මෝටිවේෂන් අප්පච්චි බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා ශාලාවේ ඊයේ (14) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවැසීය .

සාමකාමීව පැවැති ගාලුමුවදොර අරගලය ප්‍රචණ්ඩත්වය කරා රැගෙන ගියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් බව අප්පච්චි සහ ගැමුණු විජේරත්න විසින් ප්‍රකාශ කර ඇතැයි කොළඹ අලුත් කඩේ අධිකරණය් දෙසැම්බර් (12) මුදලිගේ ‌නඩුව කැද වු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සෝලිස්ටර් ජනරාල් දිලිප පිරිස් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එම මාධ්‍ය හමුව පවත්වා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ ,පෙරටුගාමී සහ අන්තරේ අය තමා පහර ‌දෙන්න පැමිණි බවත් ඒය ප්‍රචණ්ඩත්වය ‌නොවන්නේ දැයි ප්‍රශ්න කර සිටියේය .

විශ්ව විද්‍යාල කෙල්ලෝ කොල්ලන්ගෙන් ඉල්ලනවා මට වෛර කරන්න එපා කියලා . මම උඹලාව හො ් මුදලිගේ හෝ පාවා දිලා නැහැ . සරසවි ශිෂ්‍යයෝ මේ රටේ සේවකයෝ නොව පාලකයෝ වෙන්න ඔ්නේ කියන තැන මම ඉන්නේ .මම අරගලයට ආවේ තනියම . මම අරගලයේ නායකයෙක් නොවෙයි . මම කිසිම දේශපාලන පක්ෂකට සම්බන්ධ නැහැ . ජනතාව අරගල භුමියට ආවේ දේශපාලන පක්ෂ අතහැරලා යැයි ඔහු වැඩිදුරටත් පැවැදීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *