මහර බන්ධනාගාර ගැටුම හට ගෙන ඇත්තේ 991ක් රැදවිය හැකි තැන 3991 ක් රැඳවීම නිසා !

0
1785592267-Ada-Derana-Web-02-1

මහර බන්ධනාගාරයේ සුඛෝපභෝගි ජිවිත ගත කරන රැදවියන් සහ කිසිම අවුහරනක් නොමැතිව අන්ත අපා දුක් විදින රැදවියන් අතර කාලයක්යක් තිස්සේ පැවති ප්‍රතිවිරෝධය ඊයේ (01) සවස 05 ට හට ගත් ගැටුමට ආසන්න හේතුවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් බන්ධනාගාර නිලධාරීන්ට අතදිග හැර වියදම් කරන නිසා ඔවුන්ට අවශ්‍ය සියලුම දෑ ලැබෙන බවත් දුප්පත් සිරකරුවන්ට පමනක් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කරමින් පීඩාවට පත් කිරීම නිසා කුපිත වු රැදවියන් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.

මීගමුව බන්ධනාගාර සිද්ධියත් සමඟ නිලධාරීන් ඇසට ඇස, දතට දත ඉල්ලීමත් සමඟ බන්ධනාගාර වල පවතින වෛෂික තත්වයන් තවත් තිව්‍ර කරනු ඇත.

ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග පරිදි සමාජ සුභ සාධන කප්පාදු වැඩපිළිවෙල ක්‍රියාවට නගන ගමන් කම්කරු- පීඩිත මහජනයා මත විශාල බදු ගසමින් සොච්චම් වැටුප ද කොල්ලකයි. ආණ්ඩු පසු ගිය මාස 06 තුළ මහජනයා මත බදු ගසා එකතු කර ගත් මුදල රුපියල් ටිලියන 2.7 ක් බව උචාරුවෙන් පවසයි. ආණ්ඩුව දුප්පත් මහජනයා මත බදු ගසමින් මුදල් කොල්ලා කන ගමන් දුප්පත්කම නිසා විවිධ අපරාධ වලට මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් රක්ෂිත බන්ධනාගාරගත කර මරා දැමීම සම්බන්ධයෙන් පැවති අනුප්‍රාප්තික ආණ්ඩු වල වාර්තා බිද දමා වාර්තා තබා ඇත.

මහර බන්ධනාගාරයේ රැදවිය හැකි ධාරිතාවය 991 ක් වන අතර නමුත් සිරකරුවන් 629 කුත් සැකකරුවන් 3262 කුත් වශයෙන් 3991 දෙනෙක් එහි රදවා සිටින බවත් රැදවියන් වැසිකිලි වල පවා නිදා ගන්නා අතර සමහරු සති ගනන් නින්දක් නොමැති කකුල් සහ ඇස් තඩිස්සි වී ඇද වැටෙන බවත් සතුන්ටත් වඩා නරක අයුරින් බන්ධනාගාර නිලධාරීන් රැදවියන්ට සැලකීම නිසා හොස්ස ලගින් මැස්සෙක් ගියද නොසන්සුන්කාරී තත්වයක් ඇති විමෙි සම්භාවිතාවක් පැවත තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ එකම පිරිසකට නිලධාරීන් දෙවිධියකට සැකීමට එරෙහිව ඊයේ (01) බන්ධනාගාර කුස්සියේ දී රැදවියන් සහ නිලධාරීීන් අතර ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් රැදවියන් විසින් නිලධාරීන්ට පොල් ගෙඩි වලින් පහර දී ඇත. පසුව නිලධාරීන් රැදවියන්ට පහර දී ඇති අතර රැදවියන් දෙසට වෙඩි තැබු බවත් වාර්තාවේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා නොසන්සුන්කාරී වු රැදවියන් බන්ධනාගාර කුස්සියට ගිනි තබා ඇතැයි ද වාර්තාවේ.

මෙම සිද්ධිය වන විටත් රැදවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන් මහර බන්ධනාගාරයට පැමින සිටි අතර බන්ධනාගාරය තුළ වෙඩි හඬ ඇසි කලබලයට පත් වු ඥාතීන් බන්ධනාගාරය ඇතුළට යෑමට උත්සහ කිරීමේ දී නිලධාරීන් සහ එම රැදවියන්ගේ ඥාතීන් අතර නොසන්සුන්තාවයක් හට ගෙන ඇත.

තත්වය වැඩිදුර වර්ධනය වෙතැයි බිය වු බන්ධනාගාර අධිකාරීවරයා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානයට කැඳවා ඇත. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවීමත් සමග මීගමුවේ රැදවියන්ට අත් වු ඉරණම අත් වෙතැයි බිය වු ඥාතීන් පොලිසියට ගල් වලින් පහර දී ඇත.

තත්වය දරුනු වෙතැයි පොලිසිය මහර බන්ධනාගරය අවට ප්‍රදේශ කිපයකට පොලිස් ඇඳරි නීතිය පැන විය.

බන්ධනාගාර පද්ධතිය පුපුරා යෑමෙන් ගම්‍ය වන්නේ ජාජබ /ජවිපෙ ආණ්ඩුව මුහුණ දී තිබෙන සමාජ ආර්ථී සහ දේශපාලාන අර්බුදය ගැඹුරයි. ආණ්ඩුව තමන්ගේ ජනප්‍රිය භාවය රැක ගැනීම සදහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාමක අපරාධකරුවන් මර්දනය කරන මුවාවෙන් බොරු චෝදනා දමා දුප්පත් තරුණයන්ගෙන් බන්ධනාගාර පුරවයි. රාජපක්ෂලා දඩයම් කරන මුවාවෙන් අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ සේවා කාලය දිඝර් කිරීමට සැරසෙයි. බොරු චෝදනා දමා දුප්පත් තරුණයන් ගාල් කිරීම නිසා බන්ධනාගාර ධාරිතාවය වාන් දමා පුපුරා ගොස් තිබේ. මත්ද්‍රව්‍ය ව්‍යවසනයේ ගොදුරු බවට පත්ව ඇත්තේ දුප්පත් තරුණයෝ වෙති . අනුර කුමාරගේ ආණ්ඩුවේ දඩයමට හසුව ඇති තරුණයෝද දුප්පතුන් වෙති. විනිසුරුවන්ගේ සේවා කාලය දිර්ඝ කිරීමට ගොස් ආණ්ඩුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදයට පත්ව ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මත්ද්‍රව්‍ය මර්දනය කරන මුවාවෙන් ක්‍රියාත්මක කළ ඊනියා “යුක්තිය මෙහෙයුම “වැනිම මෙහෙයුමක් ජනාධිපති දිසානායකගේ ආණ්ඩුව යටතේ ඊනියා “ඇත් වෙමු” නමින් ආරම්‍‍භ කර තිබේ. මෙම මෙහෙයුම් වල පිළිවෙත් වල කිසිදු වෙනසක් නැත ඇත්තේ නම් වල වෙනස්කම් පමණි.

ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුවට බන්ධනාගාර ප්‍රශ්නය තියා කම්කරු -පීඩිත මහජනයා මුහුණ දෙන කිසිදු සමාජ ප්‍රශ්නයකට විසදුම් දිය නොහැකිය. මන්ද එය ජනාධිපති දිසානයකගේ හැකියාව නොහැකිව පිළිබඳ ප්‍රශ්නයකටත් වඩා ධනේශ්වර පද්ධතියේ අර්බුදයකි. ජවිපෙ වෙර දරන්නේ කුණු වී ඔජස් ගලන ධනපති ක්‍රමටය හුස්ම පිඹීමටය. ලංකාව තුළ පමනක් නොව ලෝක පරිමානව ධනපති ක්‍රමය දැවැන්ත අර්බුදයට ගොස් තිබේ. ඇමරිකාවේ අනුග්‍රහයේ ඊශ්‍රායලය විශේෂයෙන් ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධය තෙල් , ගෑස් සහ ඛනිජ සම්පත් කොල්ල කෑමේ යුද්ධයකි. ඉරානයට එරෙහිව ඇමරිකානු ආක්‍රමණය ඇමරිකාවේ ආර්ථීක අර්බුදය එළිමහන පැමින ඇත. ලෝකය නැවත බෙදා ගැනීම හැර ඇමරිකන් අධිරාජ්‍යවාදයට එම අර්බුදයෙන් තාවකාලිකව හෝ ගොඩ යෑමට වෙනත් මාවතක් නැත. එම මාවත අධිරාජ්‍යවදීන් විප්ලවයට මාවත විවෘත කරනු ඇත. ඒ හැර මිලේජ්චත්වයෙන් ගැල වීමට මානව වර්ගයාට වෙනත් මාවතක් ඇත්තේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *