කොස්ගොඩ පොලිසිය පුනරුත්ථාපනයට රැගෙන ගිය තරුණයා ගෙදර ආවේ මිනී පෙට්ටියෙන්

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු දරුවා පුනරුත්ථාපනයට දමන්නැයි පියෙකු විසින් කොස්ගොඩ පොලිසියට කරන ලද පැමිනිල්ලක් මත අත්අඩංගුවට ගත් එම තරුණයාට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහර දීම නිසා මිය ගොස් ඇත.
පහර කෑමට ලක් වු තරුණයා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කරද්දීත් මිය ගොස් සිටි බව එම රෝහලේ වෛද්‍යවරු ඥාතින්ට පවසා ඇත.
සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් දෙදනෙකු එම තරුණයාගේ නිවසට කඩා වැදී ඔහුව අත්අඩංගුවට ගෙන නිවස තුළ දි එම තරුණයාට අතින් පයින් සහ කොසුමිටකින් පහරදී පසුව ජිප් රථයක නන්වාගෙන පොලිසියට රැගෙන ගොස් තිබිණ.
පොලිසිය පහර දීම නිසා මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 24ක් වයසැති තරිදු මධුෂාන් ද සොයිසා සිරිවර්ධන නැමති තරුණයා වන අතර ඔහු අංක 367බී හතරමන් හංදිය කොස්ගොඩ ලිපියේ පදිංචිකරුවෙකි. ඔහු ස්ථිර රැකියාවක් කර නැති අතර පියාට අයත් බුලත් සහ දුන්කොළ කඩයක් පවත්වගෙන ගොස් තිබේ. ඔහු රට යෑමේ බලාපොරෝත්තුවෙන් පසු වු බව මධුෂාන්ගේ සොහොයුරියක් අප සමග පැවසුවාය.

පොලිස් අත්අඩංගුවේ දී මිය මධුෂාන්ගේ පියා වන වීරවර්ධන නිමල් ද සොයිසා සිරිවර්ධන විසින් කොස්ගොඩ පොලිසියේ පැමිනිල්ලක් දමා ඇත්තේ පුතා යහමගට ගැනීමේ අරමුණින්ය. පුතා අයිස් මත්‍ද්‍රව්‍ය පාවිච්චි කරන බවට ඔහුගේ මිත්‍රයන් සහ අසල්වාසින් නිතර පැවසීම නිසා කලබලයට පත් වු සිරිවර්ධන කොස්ගොඩ ස්ථානාධිපත්වරයා මුණ ගැසී පුතා මුහුණ දි සිටින තත්වය පැහැදි කර ඇත. පසුව ස්‍ථානාධිපතිවරයා පොලිසියේ පැමිනිල්ලක් දමා නීතිඥවරයෙකු ලියුමක් රැගෙන එන්නැයි පවසා ඇත. ස්ථානාධිපතිවරයගේ උපදෙස් මත ඔහු නීතිඥ කමල් ජයන්තව මුණ ගැසී පුතාව පුනරුත්ථාපනයට දාන්න ලියුමක් ලියා දෙන්නැයි ඉල්ලා ඇත.
නිමල් ද සොයිසා සිරිවර්ධන (පියා)

පුතා අයිස් මත්‍ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කියලා මට කිප දෙනෙක් කිව්වා. පස්සේ මම මැයි (01) පලමුදා කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මුණ ගැසිලා පුතාගේ ගැන කියලා පුනරුත්ථාපනයට දාන්න කියලා ඉල්ලීමක් කළා. පස්සේ මට ස්ථානාධිපතිවරයා කිව්වා පොලිසියේ පැමිනිල්ලක් දාලා නීතිඥවරයෙකුගෙන් ලියුමකුත් අරගෙන එන්න කියලා. මම නීතිඥ කමල් ජයන්ත මහත්තයාගේ ගෙදරට ගිහින් කිව්වා පුතාව පුනරුත්ථාපනයට දාන්න ලියුමක් දෙන්න කියලා. පස්සේ නීතිඥ මහත්තයා ලියුම පොලිසියට ගිහිල් දිලා තිබුණා. නීතිඥ මහත්තයා පොලිසියට යන කොට දවල් 11 ට ඇති. නීතිඥ මහත්තයා යන මම හිටියේ පොලිසියේ . පුතා හිටියේ කුඩුවේ. මම කුඩුව ලගට ගියාහම පුතා කිව්වා තාත්තේ මට අමාරුයි ඉස්පිරිතලේට අරගෙන යන්න කියලා. පුතාට අමාරුයි රෝහලට අරගෙන යන්න කියලා මම පෙලිස් නිලධාරීන්ගෙන් ඉල්ලුවාහම කිව්වා සීක් එක වෙන අමාරුවක් නැහැ කියලා.
මම පැමිනිල් දාලා ගෙදර ඇවිල්ලා ඉන්න කොට සවස (01) විතර සිවිල් ඇද ගත් පොලිස් නිලධාරීන් දෙන්නෙක් ගෙට ඇතුල් වෙලා පුතා කෝ කියලා ඇහුව්වා. පොලිස් නිලධාරීන් එන කොට පුතා හිටියේ කාමරයේ. පස්සේ පොලිස් නිළධාරින් කාමරයට ඇතුල් වෙලා ඇදේ හිටිය පුතාගේ ඇග උඩ නැගලා පහර දුන්නා. පුතාට ගහන්න එපා වෙන අය පාලනය කරන විධියට අරගෙන යන්න කියලා කිව්වාහම පට කුනුහරුපෙන් බැණලා එළවා ගත්තා. පස්සේ ජිප් එකේ දාගෙන අරගෙන ගියා. මාවත් ජිප් එකේ නන්වා ගත්තා. පුතා ජිප් එකට දානකොට කිව්වා මට අමාරුයි මාව පුටුවක වාඩි කරන්න කියලා. පස්සේ ඇදලා පුතාව ජිප් එකට දා ගත්තා. පුතා පොලිසියේදී අමාරුයි කියලා කෑගැසුවා. පුතා සමග දගලද්දී, පොලිස් නිලධාරියෙක් දුරකතනයට හානි වුණා කියලා මගෙන් රුපියල් 7000කුත් ඉල්ලා ගත්තා.
මධුෂාන්ගේ පියා කොස්ගොඩ පොලිසියේ පැමිනිල්ලක් දැමුවේ පුතාව මත්ද්‍රව්‍ය නිවාරණ පුනරුත්ථාපන කදවුරකට දැමීම සදහාය. නීතිඥ කමල් ජයන්ත අප්‍රේල් පලමුදා දහවල් 11ට පමන ස්ථානාධිපතිවරයා විසින් ඉල්ලු ලියමු ද ගෙනැවිත් දී තිබුණි. පොලිසියට එදිනම මධුෂාන්ගේ පියගේ ඉල්ලීම මත අධිකරණයට ඉදිරිපත් කර පුනරුත්ථාපනයට යොමු කරනවා වෙනුවට එදින රාත්‍රියේ පොලිසියේ තබාගෙන අමානුෂික ලෙස පහර දී ඇත. මධුෂාන් සමග කුඩුවේ රදවා සිට සැකකරුවන් තුන් දෙනා පසුදා උදේ ඔහුගේ මව කෑම අරගෙන යද්දී, මධුෂාන් සිට ඇත්තේ කුඩුවේ තනිවය. අනෙක් සිරකරුවන් රදවා සිට ඇත්තේ එම පෙලිසියේ වෙනත් සිර මැදිරියකය. මධුෂාන්ට පලමු දා රාත්‍රියේ ධර්ම චක්‍රය නැමති දඩුවම් ක්‍රමය භාවිතා කර ඔහුට පහර දී ඇතැයි ඥාතිහු පවසති. මධුෂාන්ගේ යාළුවන් ඔහු බලන්නට පොලිසියට ගිය අවස්ථාවේ මධුෂාන් අමරුවෙන් දගලන නිසා ඔහු රෝහල් ගත කරන්නැයි යාළුවෝ පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා ඇති අතර උඹලා දොස්තරලා දැයි අසා ඔවුන්ව එළවාගෙන තිබිණ.
වීරවර්ධන හේෂානී ද සොයිසා සිරිවර්ධන(32) මධුෂාන්ගේ වැඩිමහල් සොහොයුරිය
තාත්තා මල්ලීව පුනරුත්ථාපනයේ දාන්න කියා කොස්ගොඩ පොලිසියට ගිහිල්ලා පැමිනිල්ලක් දැම්මා. ඊට පස්සේ සිවිල් පිට ආපු පොලිස් නිලධාරින් දෙදනෙක් මල්ලීගේ කාමරයට ගියා. මල්ලී මත්ද්‍රව්‍ය ගිල්ලා කියාල ඔහුගේ ඇග උඩ නැගලා පහර දුන්නා. මල්ලීට ගහනවා බලන් ඉන්න බැරි තැන මම දුවක් අරෙගන ගෙයින් එළියට ගියා .අම්මා පුතාට ගහන්න එපා කියලා දෙතුන් වතාවක් කාමරයට ගහිල්ලා කියලා තියේනවා. පස්සේ අම්මාට කුණුහරුපෙන් බැනලා එළවා ගත්තා කියලා අම්මා මට කිව්වා.. සර් පුතාට ගහන්න එපා. සර්ලා අනිත් අය මෙල්ලකරන විධියට මෙල්ලකරලා අරගෙන යන්න කියලා තාත්තා පොලිස් නිලධාරීන්‌ගෙන් ඉල්ලා තියේනවා.

ඇයි සර් පුතා ගහන්නේ කියලා තාත්තා අහලා තියෙනවා. ගහනවා බලන් ඉන්න බැරි තැන තාත්තා බුදු සර් පුතාට ගහන්න එපා කියලා වැදලා තියේනවා. පස්සේ මල්ලීගේ අත් වලට මංචු දාලා අරගෙන යන කොට මල්ලි කිව්වා මට අමරුයි පුටුවක ඉදගන්න දෙන්න කියලා .මල්ලී ඇද ජිප් එකට දාගත්තා. තාත්තාටත් ජිප් එකට නගින්න කිව්වා. තාත්තාවයි මල්ලීවයි පොලිසියට අරගෙන ගියා. මල්ලිව පොලිසියට අරගෙන යන කොට මල්ලීගේ කනෙන් ලේ බෙිරි බෙිරි තමයි අරගෙන ගිහිල්ලා තියෙන්නේ. අම්මා එදා දවල් කෑම අරගෙන ගියා . මල්ලි අම්මාට කියලා තියෙනවා මට අමරුයි ඉස්පිරිතලේට අරගෙන යන්න කියලා . අද රැ මට ගහනවා කියලා කිව්වා මාව ඉක්මනින් අරගෙන යන්න මල්ලී අම්මාට බෑගාපත් වෙලා තියෙනවා. මැයි පළමුදා රාත්‍රියේ මල්ලිට පොලිසියෙන් පහර දීලා තියෙන්නවා. මල්ලි එළිවෙනකම් කෑගහලා තියෙනවා. අම්මයි මැයි දෙවනිදා උදේ මල්ලීටකෑම අරගෙන යන්න හදන කොට පොලිස් නිලධාරියෙක්ගෙන් මගේ දුරකතනයට කොල් එකක් ආවා . මල්ලී කතා කරලා කිව්වා මට අමරුයි මට පිටි එක හැදෙන්න වගේයි මාව ඉක්මනින් ඉස්පිරිතාලේකට අරගෙන යන්න කියන කොටම දුරකතනය විසන්ධි වුණා. පස්සේ අම්මයි තාත්තයි බය වෙලා මල්ලී බලන්න පොලිසියට ගියා. අම්මා යනකොට මල්ලි කතා කර ගන්න බැහැ කෙදිරී ගානවා . පස්සේ අම්මා පොලිසියේ හිටපු හැම පොලිස්කාරයෙක්ගෙන්ම ඉල්ලලා තියේනවා ඉස්පිරිතාලයට අරගෙන යන්න කියලා . ඔගොල්ලෝ බය වෙන්න එපා ඌට සීක් එක කියලා ගණන් අරගෙන නැහැ. අම්මා කෑගහලා තියේනවා. මල්ලීගේ යාළුවෝ පොලිසියට ගිහිල්ලා තියෙනවා මල්ලීව බලන්න. මල්ලීට අමාරුයි රෝහල් ගත කරන්න කිවිවාම උඔලා දොස්තරලාද කියලා මල්ලීගේ යාළුවන්ව එළවගෙන තියෙනවා. මල්ලීගේ යාළුවෝ මට ඇවිල්ලා කිව්වා අක්කේ මධුෂාන්ට සික් එක නොමෙයි පොලිසියෙන් ගහලා අමාරුයි ඉක්මනට රෝහලකට අරගෙන යන්න නැතිනම් පොලිසියේදි මල්ලී මැරෙයි කියලා. මැයි පළමු දා උදේ 07 ඉදලා දවල් 11 වෙනකම් රෝහලකට අරගෙන යන්නේ නැතිව තියාගෙන හිටියා. බල්ලෙක් පුසෙක් වගේ තමයි මල්ලීව මැරුවේ. අම්මවයි තාත්තායි කුඩුව ලග බලහත්කාරයෙන් රදවාගෙන තියෙනවා. එන්න දිලා නැහැ . මල්ලීට අමාරු කියලා දැන ගත්තාට පස්සේ මමත් පොලිසියට ගියා. මල්ලි සමග හිටපු අය වෙනත් කුඩුවකට දාලා. මල්ලී හිටියේ තනිවම. මම අනිත් කුඩුවේ හිටපු පුද්ගලයාගෙන් ඇහුව්වා මල්ලිට ඊයේ රැ ගැහුව්වාද කියලා. ඔහු උත්තරයක් නොදී නිහඩව හිටියා. මල්ලී දිගටම කෑගැහුවාද කියලා ඇහුව්වාම එළිවෙනකම් කෑගැහුව්වා කියලා කිව්වා. මල්ලිට අමාරුයි ඉස්පිරිතලේ අරගෙන යන්න කිව්වාම ඌට සික් එක කියලා කිව්වා. අපි මල්ලිව බලන්න දවල් යන කොට මල්ලී කතා කරන්නේ නැහැ . බලගත් අතම ඉන්නවා . අම්මාට බලා ගෙන ඉන්න බැරි තැන අම්මා කෑගහලා ඇඩුවා. මම අඩනකොට මාව බැනලා එළවා ගත්තා. මල්ලීගේ අත් උඩට උස්සන කොට කඩා වැටෙනවා. මැයි දෙවනදා 11ට පමන මල්ලීව බලපිටියේ මුලික රෝහලට අරගෙන ගියා. මල්ලීව රෝහලට අරගෙන යන කොටත් මැරිලා හිටියේ කියලා වෛද්‍යවරු කිව්වා.
පොලිසියෙන් මල්ලීට ගැහුව්වේ කුඩු පැකට් එකක් ගිල්ලා කියලා. අධිකරණ වෛද්‍යවරයා අපට කිව්වා මල්ලී කිසිම දේයක් ගිලලා නැහැ කියලා. පෙනහළුවල වතුර තියේනවා කියලත් කිව්වා. මල්ලීගේ ශරීරයේ මතුපිට තුවාලත් ශරීර අභ්‍යන්තරයේ තැලිම් තිබෙන බවත් වෛද්‍ය වාර්තාවේ සදහන් කරලා තියේනවා. කුඩු පැකට් එක එළියට ගන්න වතුර පොවලා ගහලා තියේනවා. මල්ලී අයිස් බොන නිසා තමයි තාත්තා කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති හමුවෙලා මල්ලීව පුනරුත්ථාපනයේ දාන්න කියලා ඉල්ලුවේ. අපි මුහුණ දෙන ප්‍රශ්නයක් විසද ගන්න පොලිසියට ගියාම පොලිසිය ප්‍රශ්න විසද විධිය තමයි. තාත්තා දොස් කියන්න බැහැ . තාත්තා පොලිසියේ සහයෝගය ඉල්ලුවේ මල්ලී හදා ගන්න. නමුත් ඒ මෘගයෝ මල්ලීට ගහලා මැරුවා. අම්මටයි තාතිතටයි උසාවියට යන්න කිව්වා. මට එතැන හිටියා . මම කෑගහලා කිව්වා මල්ලිට සිහිය නැහැ කියලා. පස්සේ එතැන හිටපු මල්ලී කොනෙකුට කිව්වා බස් නැවතුම් පොලේ හිටිය අම්මට යි තාත්තාටයි එන්න කියලා. පස්සේ අම්මත් තාත්තාත් ආවා. මම අඩන කොට උඔ මෙතැන අඩන්න හදුන්න එපා කියලා මට බැන්නා.පස්සේ මල්ලිව බලපිටිය රෝහලට අරගෙන ගියා .
මල්ලී සමග ගෙදරදී පොරබදන කොට පොලිස් නිලධාරීයෙක්ගේ දුරකතනයේ ඩිස්පේ එක ගියා කියලා තාත්තාගෙන් රැපියල් 7000කුත් අරගෙන තියෙනවා.
ජාතික ජන බල ආණ්ඩුවේ අනුප්‍රාප්තියත් සමග සංවිධානාත්මක අපරාධ රැල්ල පැවතියටත් වඩා වෙිගයෙන් වර්ධනය විමක් දක්නට ලැබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි එකින් එකා මරා ගනිද්දි, රටේ සාමය ,නීතියේ අධිපත්‍ය සහ මහජනයාගේ ආරක්ෂාව බරපතළ අනතුරකට පත්ව තිබේ. පාතාල කල්ලී සහ පොලිසිය තරගයට මහජනයා මරන්නට පටන් ගෙන ඇත. කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදනෙකු ආයුධ පෙන්වන්නට යැයි රැගෙන ගොස් ඝාතනය කෙරිණ. වද්දුව පොලිස් අත්අඩංගුවේදි තරුණයෙකු මිය ගියේය. නිමේෂ් සත්සර නැමති තරුණයා වැලිකඩ පොලිසියේ නිලධාරීන් සිදු කළ පහර දිමකින් මිය ගියා යැයි සැක කරයි. කොස්ගොඩ පොලිසිය මධුෂාන්ව මරා දැමුවේය. මතුගම පොලිසිය පහර දිම නිසා රෝහල් ගත කර සිටි තරුණයෙකු පැහැරගෙන ගියේය. හම්බන්තොට අගුණුකොළ පැලැස්සේ බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකුට පහරදීම නිසා මිය ගොස් ඇත.

ජාතික ජන බල ආණ්ඩුවට පාතාල ක්‍රියාකාරකම් නතර කිරීමට අසමත් වී ඇති අතර පොලිසිය ආණ්ඩුවක් නැතිව නිදැල්ලේ කටයුතු කරන බවක් මතු පිටට දිස් වෙයි. මේ සියලුම අපරාධ වලට ජාතික ජන බල ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතුය. ජාජබ /ජවිපෙට ආණ්ඩු බලය තිබුණාට රාජය බලය නැතැයි කියමින් ධනපති ක්‍රමයේ අර්බුදය මහජනයාගෙන් වසන් කර තැබීමට ඊනියා මධ්‍යම පාන්තික බුද්ධිමත්හු නිශ්ඵල උත්සහයක යෙදෙති.
හොරකම සමග බැදුනු අපරාධ ධනපති ක්‍රමයේ ඊට ආවේනික ලක්ෂණයකි. හොරකමට සහ අපරාධ වලට එරෙහිව ධනපති ක්‍රමය ඇතුලේ නව නීති ගෙන එමින් හෝ දඩුවම් ක්‍රම දැඩි කිරීමෙන් හෝ පරාජය කළ නොහැකිය. හොරකම සහ අපරාධ අතුගා දැමීය හැක්කේ ධනපති ක්‍රමය විස්ථාපනය කිරීමෙන්ම පමණි. ප්‍රතිසංස්කරණ හරහා සිදු කරන්නේ හොරකම සහ අපරාධ පවත්වගෙන යෑමට රුකුල් දිමකි.