ගාල්ල හික්කඩුව නගර සභාව ජාජබයට

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාව ජාතික ජන බලවේගය විසින් ජයග්‍රහණය කර ඇති අතර ලබාගත් ජන්ද ප්‍රමාණය 3159 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 21.57% කි. හිමිකර ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 09 යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 1820 ක් ගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 12.43% ක් වන අතර ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 02 යි.
සර්ව ජන බලය ලබා ගෙන ඇති ජන්ද සංඛ්‍යාව 1487 ක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් 10.16% කි. ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 02 යි.
ජාතික නිදහස් පෙරමුණ ජන්ද 993 ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 6.78% කි. මන්ත්‍රී ධුර සංඛ්‍යාව 01යි.
එක්සත් ජාතික පක්ෂය ලබාගත් ජන්ද සංඛ්‍යාව 940 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස ගතහොත් 6.42කි. මන්ත්‍රී ධුර සංඛ්‍යාව 01යි.
ජන අරගල ව්‍යාපාරය ලබා ගත් මුළු ජන්ද ප්‍රමාණය 65 ක් වන අතර මන්ත්‍රී ධුර නැත.
ජාජබය මන්ත්‍රී ධුර 09 ලබා ගන්නා විට විපක්ෂ පක්ෂ මන්ත්‍රී ධුර 10 ක් ලබාගෙන ඇත.
වලංගු ජන්ද සංඛ්‍යාව 14.642
ප්‍රතික්ෂේ ජන්ද සංඛ්‍යාව 283
ලැබුනු ජන්ද සංඛ්‍යාව 14.925
ලියා පදිංචි මුළු ජන්ද සංඛ්‍යාව 23.107