යෞවන සමාජ තරුණ තරුණියන් ජාජබ /ජවිපෙ ආණ්ඩුව සම්බන්ධයෙන් මතු කරන අනතුරේ දිග පළල

0
DSC_3083

ජාජබ /ජවිපෙ ආණ්ඩුව යටතේ යෞවන සමාජ වල නිලතල වලට තරුණ තරුණියන් පත්කරද්දී ,ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස එම ආණ්ඩුවට සම්බන්ධ පිරිස් පත් කරනවා යැයි රට පුරා යෞවන සමාජ නියෝජන්‍ය කරන තරුණ තරුණියෝ පිරිසක් අගෝස්තු 06 වනදා මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට පැමිණ ආණ්ඩුවට සිය විරෝධය පල කළහ.

තරුණ සේවා සභාව මුලින් පිහිටු වන්නේ 1968 දිය. 1965 – 70 දක්වා ණ්ඩුවේ අගමැතිවරයා ලෙස කටයුතු කරන්නේ ඩඩිලි සේනානායක විසිනි. 1960 සිට 65 දක්වා ආණ්ඩුව කරන්නේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායකය. 1962 සිරිමාවෝගේ රාජය පෙරළිමේ ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය. 1963 නේ ඉල්ලීම් 21 ව්‍යාපාරය පැනනැගිණි. හැටේ දශකයේ ආර්ථීක අර්බුදය කොතරම් උත්සන්න වී ඇද්දැයි සදහන් කළොත් 1960 සිට 1970 වන කොට ආණ්ඩු දෙකක් පිහිටුවිණ. ප්‍රංශයේ ශිෂ්‍ය නැගිටීම පැනනගින්නේ 1968 දීය. හැටේ දශකයේ අර්බුදය ලංකාව සහ ප්‍රංශය පමනක් වෙළාගත් අර්බුදයක් නොව ලෝක පරිමාන අර්බුදයකි. ලෝක ආර්ථීක අර්බුදයත් වමේ පාවාදීමත් නිසා 1965 ජනතා විමුක්ති පෙරමුණ බිහි විය. 1968 තරුණ සේවා සභාව පිහිටු වන්නේ තරුණයන් දේශපාලනයෙන් පිටමං කර තැබීමටය. ධනේශවර පන්තිය අර්බුදය හදුනා ගනිමින් ඊට විසදුම් වශයෙන් තරුණ සේවා සභාව පිහිටුවද 1971 තරුණ නැගිටීම පැන නැගිණ. ධනපති හමුදා තරුණ තරුණියන් 20.000ක් ඝාතනය කර තවත් තවත් විශාල පිරිසක් සිර ගෙවල් වලට ගාල් කර, නැගිටීම යටපත් කර දැමිණ. ඉන් පැහැදිලි වන්නේ ධනවාදයේ අධිරාජ්‍යවාදී අවධියේ තරුණයන්ගෙ ප්‍රශ්න වලට පමනක් නොව කම්කරු- පීඩිත මහජනයාගේ කිසිදු ප්‍රශ්නයක් විසදීමට ධනපති ක්‍රමය අපොහොසත් බවයි. නමුත් සමගි පෙරමුණ ආණ්ඩුවට යටතේ ද තරුණ සේවා සභාව ක්‍රියාත්මක විය.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ මග පෙන්වීම යටතේ 1979 අංක 69 දරණ ජාතික තරුණ සේවා පනතේ 5(02) ඇ වගන්තිය යටතේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ස්ථාපිත කෙරිණ. ජයවර්ධනගේ ධනපති ආණ්ඩුව “තරුණ අසහනය තුරන් කිරීම” සදහා යෞවන සමාජ ව්‍යාපාර පිහිටු වුවද 1988-89 දෙවන තරුණ නැගිටීම සිදුවිය. තරුණ තරුණියන් 60.000 ක් ඝාතනය කර විශාල පිරිසක් සිර ගෙවල් වලට ගාල් කෙරිණ. එක් පැත්තක( සුළු පිරිසක් අත) ධනය සංකෙන්ද්‍රනය වෙද්දී, අනෙක් පැත්තේ දුක්ඛ දොම්මනසයන් ගොඩ ගැසෙයි. ධනපති ක්‍රමයට අවේනික වු මෙම පරස්පරතාවය නිසා ධනපති ක්‍රමයේ මිනී වළ කනින්නා බවට ධනපති පන්තිය කම්කරුවා නිර්මාණය කර තිබේ.

ජාතික තරුණ සේවා සභාව පුළුල් කරමින් ගම් මට්ටමෙන් යෞවන සමාජ ව්‍යාපාරය ආරම්භ වන්නේ ධනපති ක්‍රමය ඇතුළේ අනෙක විධ දොම්මනස්සයන්ට මුහුණ දෙන සිටින තරුණ තරුණියන් ක්‍රීඩාව ,සංගීතය ,නාට්‍ය හා රංග කලාව, වෘත්තීය පුහුනුවිම් සහ විවිධ ක්‍රියාකාරකම් හරහා ඔවුන් මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න වලින් ඈත් කර තැබීමටය. ධනපති ක්‍රමයේ අර්බුදයක් නොව උත්සහවන්තයාට සහ දක්ෂයාට ධනපති ක්‍රමය ජය ගත හැකි යැයි යන ධනපති දෘෂ්ටිවාදය හරහා තරුණ තරුණියන් මංමුලා කරන ලදී.

අපට පාට පක්ෂ නැහැ. යෞවන සමාජ වල දේශපාලනය කරන එක හරි නැහැ. අපි ගල් වෙනුවට අරගෙන ආවේ මල් වගේ කතා ධනපති දෘෂ්ටිවාදය තොරෝම්බල් කිරීමකි. යෞවන සමාජ පිහිටුවිමේ ජයවර්ධන ආණ්ඩුවේ දේශපාලන උපාය මාර්ගය ගම්බද හා නාගරික තරුණ තරුණියන් කම්කරු පන්ති දේශපාලනයෙන් ඈත් කර තැබීම නම් එතැන දේශපාලනය කරන්න එපා යැයි තරුණයෝ හඩතලති. එයින් එළිමහනට කාන්දු වන්නේ ඔවුන්ගේ පසුගාමීකම මෙන්ම කම්කරු පන්ති දේශපාලනය කෙරෙහි ඔවුන්ගේ හතුරු බවයි.

ගාලුමුවදොර අරගල නිර්පාක්ෂිකයි ,ආදරේ අරගලය සහ පාට පක්ෂ නැතැයි මධ්‍යම පාන්තිකයෝ තොරෝම්බල් කරමින් ධනපති රනිල් වික්‍රමසිංහව ජනාධිපති කළෝය. නිර්පාක්ෂික අරගලකරුවන් යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් අරගල භුමිය කම්කරු පන්ති දේශපාලනයට තහනම් කළහ. අරගල භූමියේ පත්‍රිකා බෙදමින් සිටි සමාජවාදී සමානතා පක්ෂයේ සහෝදරවරුන් අත තිබු පත්‍රිකා උදුරගෙන ඔවුන්ට පලවා හැරීමට මීගමුවේ ලහිරු නැමති පාදඩයා කටයුතු කර තිබුණි.

දැන් දැන් විලාසිතාවක් බවට පත් ඇති පාට පක්ෂ නැහැ . නිර්පාක්ෂි අරගලය යන ව්‍යාජ සටන් පාඨ මගින් කම්කරු -පීඩිත මහජනයාගෙන් විඥානය මොට කරන ගමන් ධනපති ක්‍රමය රැක ගැනීමට ගත් නරුම උත්සහයකි. ලෝක ක්‍රමයක් වන ධනපති ක්‍රමය ලෝක පරිමාව පෙරළා දැමිමෙන් මෙපිට තරුණයන්ට පමනක් නොව ධනපති ක්‍රමය යටතේ ගහ කොළ සහ සතා සිව්පාවුන්ට පවා ඇස්වැසිල්ක් ලැබෙන්නේ නැත.

“සදාචාරාත්මක පරිපුර්ණ වු පුර්ණ පෞරුෂයකින් හෙබි ,මානව සංවර්ධනය සදහා කැප වු දේශප්‍රේමී තරුණ පරපුරක් නිර්මාණය කිරීමට පියවර ගැනීම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ මුලික අරමුණ වේ.”

මේ දේශප්‍රේමීත්වය ජාතික ධනේශ්වර පන්තියේ දෘෂ්ටිමය ආයුධයක් වන අතර පාලකයින් දැනුවත්ව පුර්ණ පෞරුෂයකින් හෙබි මානව සංවර්ධනයට කැප වු තරුණ පරපුරක් ගොඩනගා ඇත්තේ දෙමළාට සහ මුසල්මානුවාට එරෙහිවය. දෙමළ ජනයාට එරෙහිව මෙරට සිංහල වර්ගවාදී ආණ්ඩු ගෙන ගිය යුද්ධයේදී තරුණ සේවා සභාව හෝ යෞවන සමාජ සම්මේලනය කසකරුවෙක් බවට පත්විය. අගොස්තු 06 වනදා පැවති උද්ඝෝෂණයට දෙමළ ජන සංහාරයට එරෙහිව පසුගිය කාලයේ පැවති විරෝධතා සහ උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට පැමිනි, ජාජාබ ආණ්ඩුව යටතේ වෙඩිකා මිය ගිය වර්ගවාදියෙකු වු ඩෑන් ප්‍රියසාද්ගේ හෙංචයියෝ මෙන්ම සිංහල ස්වෝත්තමවාදීයෙකු වන චානක බණ්ඩාර එම පා ගමනේ ඉදිරියෙන් ගමන් කළහ.

ජවිපෙ ගැමි සුළු ධනේෂ්වර පක්ෂයක සිට ධනපති පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත. සුළු ධනේශ්වර ගොවියා සතු කුහකකම්, පසුගාමීකම් මෙන්ම නරුමකම් ද එම පක්ෂයේ අවේනික ලක්ෂණයන්ය. ජවිපෙ අනුගමනය කරන්නේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යුහයකි .මාක්ස්වාදීන් අනුගමය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයයි. ජෝසෝප් ස්ටාලින්වාදි ඇතුළු ෆැසිස්ට් නායකයින් ක්‍රියාවට දැමුවේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි. නායකයාගේ නියෝග අනුව පහල සමාජිකින් වැඩ කළ යුතු වන අතර ප්‍රශ්න කිරීම හෝ සංවාද තහනම්ය. ජවිපෙ පහල සංවිධාන, දිස්ත්‍රික් සංවිධාන, මධ්‍යම කාරක සභාවට සහ දේශපාලන මණ්ඩලයට සභිකයන් තොරන්නේ ජන්ද ක්‍රමයකින් නොව ඉහල නායකයින්ගේ කැමැත්ත අනුවය. මෙහිදි විශේෂත්වයක් හිමි වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ටය. උපතේ පටන් ජවිපෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී ෆැසිස්ට් ලක්ෂණ උරුම කරගත් ව්‍යාපාරයකි. ජවිපෙ ආරක්ෂක කමිටු , මහිලා සමිති, ග්‍රාමෝදය මණ්ඩල , යෞවන සමාජ වල, අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ රාජය අංශයේ බලය පැහැර ගන්නේ අනාගතයේ අනිවාර්යයෙන් පැමිනෙන විප්ලය විනාශ කර දැමීම සදහාය. ජේ.ආර්. කළේ තරුණ තරුණියන් විප්ලවයට දෙසට ගමන් කිරීම වැළැක්වීමට තරුණ සේවා සභා සහ යෞවන සමාජ පිහිටුවද අනුර කුමාරලා විප්ලවයට එරෙහිව තමන්ගේ ෆැසිස්ට් නඩ ස්ථානගත කරමින් සිටි. ජවිපෙ ආණ්ඩු පිහිටුවන්ට පෙර කැරැළි දෙකකට නායකත්වය දුන්නේය. ඔවුන් එම කැරැළි ගැසුවේ ධනේශ්වර ක්‍රමය පෙරළා දැමීමට නොව එය ගලවා ගැනීමටය.

යෞවන සමාජ තරුණ තරුණියන් ජාජාබ /ජවිපෙ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැරවුම විසින් මතු කරන අනතුර විශේෂයෙන් මාක්ස්වාදී විසින් එය අවබෝධ කරගෙන එය පරාජය කිරීමට පෙරමුණ නොගත හොත් ලොකු ව්‍යවසනයකින් අවසන් වනු ඇත.

යෞවන සමාජ හිටපු උපදේශකවරයෙකු සහ කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජයේ හිටපු සභාපතිවරයා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන හෙළිදරව් කරමින් අප සමග පැවසු අදහස් පහතින් පල වේ.

ගාමි‍‍‍‍‍‍‍‍ණි ජයවර්ධන ( මොරටුව යෞවන සමාජයේ හිටපු උපදේශක )

යෞවන සමාජ තරුණ තරුණියන් ජාජබ /ජවිපෙ ආණ්ඩුව සම්බන්ධයෙන් මතු කරන අනතුරේ දිග පළල

මම යෞවන සමාජය නියෝජනය කරන්නේ 1992 දි. ඒ අවුරුදු 33 න ඇතුලේ දේශපාලන පක්ෂ ගණනාවක් බලයේ හිටියා. නමුත් බලයේ හිටිය දේශපාලන පක්ෂ යෞවන සමාජ වලට අත පෙව්වේ නැහැ. වැඩිම වුනොත් සභාපති පත් කරන්න ඇති. අපේ උපදෙස් හා උදව් ඇතිව යෞවන සමාජ පිහිටෙව්වා. ජාතික ජන බල ආණ්ඩුව එන කොට මම මොරටුව යෞවන සමාජයේ උපදේශකවරයෙක් විධියට කටයුතු කළා . මවත් ඉවත් කරලා. අපි යෞවන සමාජ ඇතුළේ දේශපාලනය කළේ නැහැ. මේ වන විට යෞවන සමාජයේ නිලතල දරුපු තරුණ තරුණයෝ ඉවත් කරලා , ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස යෞවන සමාජ කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති තරුණයෝ තනතුරු වලට පත් කරලා. අගුලානේ යෞවන සමාජය පිහිටු වන්න ජාජබයට තරුණයෝ විස්සක් හිටියේ නැහැ . අපිට තරුණ තරුණයෝ විස්සක් හිටියා. නමුත් අපිට පිහිටු වන්න ඉඩ දුන්නේ නැහැ. පරේ හිටපු තරුණයෝ වගේ එකතු කරගෙන තමයි අගුලානේ යෞවන සමාජය පිහිටෙව්වේ. පාරේ හිටපු තරුණයෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණයෝ . යෞවන සමාජ කැදවන්න නියම කරපු ස්ථාන තියෙනවා. ගමේ පන්සලේ තමයි යෞවන සමාජය රේජිස්ට්‍ර කරලා තියෙන්නේ. පන්සලේ රැස්විම තියෙන්නේ නැතිව මොරටු ප්‍රාදේශීය ලේකම් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රැස්විම තැබුවා. ජාජබයේ මන්ත්‍රීවරු සහ සමාජිකයෝ එකතු වෙලා ජාජබයේ යෞවන සමාජයක් පිහිටෙව්වා. මොරටුවේ යෞයව සමාජ දෙකාක් තිබුණා. ගමට විශාල වැඩ කොටස්ක කළා. ජාතික තරුණ සේවා සභාවේ වර්තමාන සභාපති සුපුන් මොරටුව යෞයන සමාජයෙන් බිහි වු අයෙක්. අගුලාන යෞවන සමාජය නිලවරණය කඩාකප්පල් කලේ සුපුන්ලා ඇවිල්ලා. යෞවන සමාජය සම්පුර්ණයෙන් දේශපාලනීකරණය කිරීමක්. යෞවන සමාජයේ ඉන්න තරුණයෝ දේශපාලනය කරන්න ඔිනේ මේ කරන්නේ දේශපාලනය ගෙනැල්ලා යෞවන සමාජ වලට බලහත්කාරයේන එන්නත් කිරීමක්. ජාජබයට කාඩර් එකාක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ කාඩර් එකත් මේ වෙන කොට ගැලවිගෙන යනවා. ආණ්ඩුවේ සමාජ ආර්ථීක වැඩ පිළිවෙල ජනතාව අතරට ගෙනියන්න වගේම ආණ්ඩුවට එරෙහිව ගම් මට්ටමේ පැන නගින අරගල මැඩපවත්වන්න පිරිසක් අවශ්‍යයි . අන්න ඒ පිරිස හදන එක තමා ආණ්ඩු යෞවන සමාජ හරහා කරන්න උත්සහ කරන්නේ. ගම්වල තවමත් රැදි සිටින ජවිපෙ සමාජිකයන්ව රදවා ගන්නත් යෞවන සමාජ වල තනතුරු යොදා ගන්නවා.

මමත් ජවිපෙ දේශපාලනය නියැලීලා හිටපු කෙනෙක්. අපිට මතකයි යෞවන සමාජ වල වැඩ කරන කාළේ අපි ජවිපෙ වැඩ කළා. ඒ කාළේ අපි යෞවන සමාජයේ තරුණයෝ ජවිපෙට අරගෙන ගියා. අද ජවිපෙ තරුණයන් විනාශ කරන තැනට ගමන් කරලා. ජවිපෙ ඉදලා යෞවන සමාජ වල වැඩ කරන කොට එහෙම ප්‍රශ්නයක් අපට තිබුනේ නැහැ. අද ජවිපෙ මරණාධාර සමිති, මහිලා සමිති වල, ආරක්ෂක කම්ටු වල සහ අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මඩණ්ඩලයෙත් බලය අල්ලන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විධියට .

ජාජබ ආණ්ඩුව යටතේ යෞවන සමාජ පිහිටු වන කොට කොට්ඨාශයේ ජාජබ පක්ෂයේ ප්‍රාදේශීය හෝ නගරික මන්ත්‍රීවයා අනිවාර්යෙන් සහභාගි කර ගන්නවා. මුලාසනය ගන්නේ ඔහු. මිට පෙර මේ රටේ බලයේ සිටි කිසිම පක්ෂයක ප්‍රාදේශීය හෝ නාගරික මන්ත්‍ර්‍රීවරු යෞවන සමාජ පිහිටුවන කොට ඇවිල්ලා නැහැ .ජාජබ ආණ්ඩුව මේ දෙන්නේ ඉතාම නරක පුර්වාදර්ශයක්. ජාජබ ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ ආඥාදායක ගමනක්.

රන්ජන් හත්වැල්ල – ( කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ හිටපු සභාපති හා හෝමාගම දෙවන යොවුන් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී )

යෞවන සමාජ තරුණ තරුණියන් ජාජබ /ජවිපෙ ආණ්ඩුව සම්බන්ධයෙන් මතු කරන අනතුරේ දිග පළල

යෞවන සමාජයේ ප්‍රතිඥාව දන්නේ නැති තරුණ තරුණියෝ පිරිසක් තමයි ජාජබය යටතේ යෞවන සමාජ වල තනතුරු වලට පත්වෙලා තියෙන්නේ. ගම් මට්ටමේ ඉදලා යෞවන සමාජ පිහිටු වන්නේ ජාජබ ආණ්ඩුවේ ශාඛා සංවිධාන සහ කොට්ඨාස මන්ත්‍රීවරයාගේ අනුග්‍රහයෙන් . මිට පෙර යෞවන සමාජ පිහිටු වන කොට මුලසන ගත්තේ තරුණ සේවා සභාවේ නිලධාරීන්. ගමේ පන්සලේ හාමුදුරුවෝ සහ කොට්ඨාශයේ ග්‍රාම සේවකත් සහභාගි වුණා. කොට්ඨාශයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා තමයි අද යෞවන සමාජ පිහිටුවද්දී , එම රුස්විමේ මුලාසනය ගන්නේ. සභාපති ,ලේකම්,සහ භාණ්ඩාගාරික ලෙස පත්කරන්නේ ජාජබයේ සමාජිකයන්ව. අන්න ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා මාර්ගයට එරෙහිව තමයි යෞවන සමාජ තරුණ තරුණියෝ මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට ඇවිල්ලා ඉන්නේ. යෞවන සමාජයේ ප්‍රාදේශීය මණ්ඩල , දිස්ත්‍රික් මණ්ඩල සහ ජාතික මණ්ඩල අද දේශපානීකරණය වෙලා . අපි ආවේ ආණ්ඩුව පෙරළන්න නොවෙයි. තරුණ සේවා සභාවේ වර්තමාන සභාපතිවරයා මම කොළඹ දිස්ත්‍රික්කයේ සභාපති ලෙස කටයුතු කරන කාළේ මොරටු යෞයන සමාජයේ නියෝජනය කළ තරුණ නායකයෙක්. අපි මේ කරන්නේ නාමල් රාජපක්ෂගේ හෝ සජිත් ප්‍රේමදාසගේ හෝ වෙනත් පක්ෂයක හෝ කොන්ත්‍රාත්තුවක් නොවෙයි. මට පෞද්ගලික දේශපාලනයක් තියෙනවා. නමුත් අපි යෞවන සමාජය ඇතුළේ දේශපාලනය කළේ නැහැ. අතීතයේ නිල් බලකාය සහ යොවුන් පෙරමුණ ගැන කතා කරනවා. යෞවන සමාජ ඒවාට සම්බන්ධයක් නැහැ. ජාතික තරුණ සේවා සභාව කියන්නේ දේශපාලනික ආයතනයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *