පැහැර ගත්තේ නැතැයි කී කපිල කුමාරව විශේෂ කාර්ය බලකාය මගින් පිටිගල පොලිසියට බාර දෙයි

විශේෂ කාර්ය බලකාය මගින් මාර්තු (27) හෙරොව්පොතාන ප්‍රදේශයේ දී පැහැරගෙන ගොස් රහසිගත රදවාගෙන සිටි ගොනපිනුවල කපිල කුමාර සිල්වාව අද (21) උදේ පිටිගල පොලිසියේදී ඔහුගේ දෙමව්පියන්ට පෙන්වා ඇත.

කපිල කුමාරව පැහැර ගොස් ඇත්තේ මාර්තු (27) සවස 6.30 ට පාන් ගෙඩියක් ගෙනඑමට හොරොව්පොතාන නගරයට ගොස් නැවත යතුර පැදියෙන් පැමිණෙම්න් සිටියදීය .

කපිල කුමාරව නීති විරෝධීව පැහැරගෙන ගොස් රදවගෙන සිට අදට (21) දින 25 ක් වන අතර ඔහුව පැහැරගෙන ‌ගොස් ඇත්තේ විශේෂ කාර්ය බලකාය මගින් බව හෙළි වී ඇත. පිටිගල පොලිසියට කපිල කුමාරව ගෙනැවිත් බාර දී ඇත්තේ විශේෂ කාර්ය බලකාය මගින් බව පිටිගල පොලිසිය කපිල කුමාරගේ මව වන කුමුදුණි ජයසේකරට පවසා ඇත.

කපිල කුමාර පැහැරගෙන ගියේ විශේෂ කාරය බලකාය මගින් බවත් ඔහුව දැනට රදවාගෙන සිටින්නේ පිටිගල පොලිසියේ බව ලංකා ස්කයි නිවිස් මගින් අනාවරණය කළේය.

කපිල කුමාර පිටිගල පොලිසියට ගෙනැවිත් බාර දුන් බව එම පොලිසිය ඔහුගේ දෙමව්පියන්ට දැනුවත් කිරීමෙන් පසුව අද (21) උදේ කපිල කුමාරගේ පියා සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක් අධ්‍යක්ෂක නිතිඥ සේනක පෙරේරා පිටිගල පොලිසියට ගොස් ඔහුව මුණ ගැසි කතා කර ඇත.

පිටිගල පොලිසියට ගෙනැවිත් තිබුණු පුතා සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිට නිසා නිදහසේ කතා කිරීමට අවස්ථාවක් නොලද බව කී කිපිල කුමාරගේ මව ජයසේකර පුතා හොදින් සිටි බවත් ලංකා ස්කයි නිවිස් සමග පැවසුවාය .

විශේෂ කාර්ය බලකාය කපිල කුමාරව පිටිගල පොලිසීයට බාර දී ඇත්තේ චෝදනා ගොනු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සදහාය .

විශේෂ කාර්ය බලකාය මගින් මාර්තු 27 වනදා සවස කපිල කුමාරව හොරොව්පොතාන නගරයේදී පැහැර ගන්නා අතර එදිනම සවස ඔහුගේ මහ ගෙදර පිහිටි ගාල්ල අකුරව කහව නිවසට බලහත්කාරයෙන් ඇතුල් වු සිවිල් ඇදුමෙන් සැරසුණු පිරිිිමි පුද්ගලයන් හයදෙනෙක් සහ කාන්තාවන් දෙදනෙක් දවසකට ආසන්න කාලයක් ඒහි රැදිසිටිමින් එම නිවසේ සිටි පිරිස් නිවාස අඩස්සියේ තබාගෙන අමානුෂික ලෙස විශේෂයෙන් මානසික පීඩා එල්ල කරමින් ,කපිල කුමාරගේ මවගෙන් ප්‍රශ්න කර ඇත. පසු කපිල කුමාරව අත්අඩංගුවට ගත්තේ විශේෂ කාර්ය බලකායෙන් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව සහ ලංකා ස්කයි නිව්ස් හෙළිදරව් කිරීමත් සමග මාර්තු (27) සවස අකුරව කහව නිවස පැමිණියේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් බව එම නිලධාරීන්ම පිළීගෙන තිබුණී .

කපිල කුමාර පැහැර ගන්නේ මාර්තු (27) වැනිදාය. ඔහුගේ මල්ලි වන කැළුම් නිරෝෂන්ව අනුරාධපුර මරදන්කඩවල ඉහල කහගම නිවසේදී සිටියදී මාර්තු (28) වැනිදි රාත්‍රීයේ කැකිරාව පොලසිය මගින් අත්අඩංතුවට ගෙන තිබෙි .ඔහු ධිවරයෙකු වන අතර මාස තුනකට ආසන්න කාලයක් මහ මුහුදේ සිට ‌ගොඩ බිමට පැමිණ ඇත්තේ මාර්තු 25 වෙනිදාය . කැකිරාව පොලිසය මගින් ඔහුව අත්අඩංගුවට ගත්ත ද නිරෝෂන්ව රදවාගෙන සිට ඇත්තේ අනුරාධපුර විශේෂ කාර්ය බලකා කදවුරේය . ඔහු ‌මේ වන විට අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ රදවා තබා ඇත.

කැකිරාව පොලිසිය උඹ මිනිමැරුම් බාර ගන්නවාද නැතිනම් කුඩු ග්‍රෑම් 09 ක් තියෙනා එක බාර ගන්නවා දැයි නිරෝෂන්ගෙන් විමසා තිබේ . මම නම් ඔය දේවල් කරලා නැහැ ,සර්ලා කිව්වාට පිළිගන්නේ නැහැ . දෙකම දාන්න මම උසාවියේදී බෙිරා ගන්නැයි ඔහු පොලිසියට පවසා ඇත.

රවිද්‍ර කුමාර කපිල කුමාරගේ තාත්තාගේ අයියාගේ පුතාය . විශේෂ කාර්ය බලකාය මගින් රවිද්‍ර කුමාරව අත්අඩංගුවට ගන්නේ කපිල කුමාර සමග සමීප සම්බන්ධකම් පැවැත්තුවා සහ රවිද්‍ර කුමාරගේ පවුලේ අය ඉදිරිපිට විශේෂ කාර්ය බලකා නිලධාරීයෙකුගේ දුරකතනයකින් කපිල කුමාර කතා කළා යැයි කියන සිද්ධීය ඔහුගේ බිරිදට පැවසුවා යන සිද්ධින් පදනම් කරගෙනය . කපිල කුමාර අත්අඩංගුවට ගැනීමත් සමග රවිද්‍ර කුමාරගේ පවුලට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්‌ගෙන් බලපෑම් එල්ල විිණ. රවිද්‍ර කුමාර බෝපේ පෝද්දල නගර සභාවේ සේවය කර ඇත.

කපිල කුමාරටෙ මිණීමැරීමට අනුබල දීම , නවතන් පහසුකම් සැලසීම සහ මුදල් ආධාර ලබා දුන්නාය යන චෝදනා යටතේ ඔහුව ගාල්ල රක්ෂිත බන්ධනාගාරයේ රදවා තබා ඇත.

රවිද්‍ර කුමාරට කපිල කුමාර කතා කළා යැයි කපිල කුමාරගේ බිරිද මුල දී ‌හොරොව්පොතාන පොලිසීයට පැමිණිල්ලක් කරන්නට ගිය අවස්ථාවේ පොලිසිය පැමිණිල්ල බාර ගත්තේ නැත . පසුව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ සංවිධානය මගින් පැම්ණිල්ල බාර ගන්නැයි හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිට නියෝග කරන්නැයි මෝසමක් මාර්ගයෙන් කැබැතිගොල්ලෑව අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රධාන හේතුවක් විය .

ව්ශේෂ කාර්ය බලකාය මගින් සගවාගෙන සිට පසුව මරදැමීට නියමිතව සිටි කපිල තුමාරව සොයා ගැනීමට හැකි විම ‌මෙරට කම්කරු =පීඩිත මහ ජනයා ලබපු විශාල ජයග්‍රහණයකි . මෙරට ධනපති නීතිය හෝ පොලිස්ය සහ ආරක්ෂක අංශ පිළිබද නිසිිිදු විශ්වාසයක් අපට නොමැති අතර නමුත් උඹලා දේපල වල සහ උඹලාගේ පැවැත්ම හා ආරක්ෂාව සදහා සම්ප්‍රාදනය කරන නීති යටතේ යම් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගන්නේ නම් පොලිසිය මැදිහත් වී විමර්ශන සිදු කර අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් පමුණුවන්නැයි අපි ඉල්ලමු . අද මෙරට ධනපති ක්‍රමය තමන් පැන වු නීති පවා ක්‍රියාත්මක කර ගන්න බැරී අර්බුදයක ගිලි ඇත. එහි ප්‍රතිපඵලයක් ලෙස පොලිසිය පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සහ අත්අඩංගුවට ගෙන විවිධ චෝදනා එල්ල කර වෙඩි තබා මරා දැමීමට පටන් ගෙන ඇත. දේශපාලන න්‍යාය පත්‍රයක්ට අනුව සිදු කරන ‌මෙම ඝාතන කම්කරු -පීඩිත ජනයා ඉදිරිිිිියේදී නොඉවසනු ඇත.

කපිල කුමාරව බෙිරා ගැනීම සදහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සුවිශේෂී කාරය භාර්යයක් ඉටු අතර පසුව අතුරුදන් වුවන්ගේ පවුල් එකතුවත් ඒ‍ම සුවිශේෂි කටයුත්තට මැදිහත් විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *