STF එක කපිල කුමාරව පැහැරගෙන ගොස් අතුරුදන් කළාද? නැතිනම් ඔහු ජිවතුන් අතර ද?

හොරොව්පොතාන ප්‍රදේශයේ දී අතුරුදන් වු ‌ ගොනපිනුවල කපිල කුමාර සිල්වා විශේෂ කාර්ය බලකායයේ සෙබළුන් විසින් පැහැරගෙන ගොස් ඇති බවත් ඔහුමේ වන විටත් ජිවතුන් අතර සිටිනවාද නැද්ද යන්න බරපතළ සැකයක් මතු වන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ තතු දත් ආරංචි මාර්ග පවසයි .

කපිල අතුරුදන් වු දිනයේ ඔහුගේ මව හා පියා ජිවත්වන ගාල්ලේ පොත්තවල පාර අකුරණ කහව ප්‍රදේශය නිවස වටලා ඒම නිවසේ රාත්‍රි දෙකාක් රැදි සිටිමින් ඔවුන්ගෙන් ප්‍රශ්න කළ නාදුනන පිරිස විශේෂ කාර්ය බලකායේ සෙබළුන් බවට අවසානයේ පිළිගෙන ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුව සදහන් කරයි . කිපිලගේ දෙවිපියන්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුල් වී අමානුෂික ලෙස ප්‍රශ්න කළ නාදුනන පුද්ගලයන් විශේෂ කාර්ය බලකායට අනුය්ක්තව සේවය කරන පිරිසක් බවට පිටිගල පොසිලිය පවා පිළීගෙන ඇතැයි ද වාර්තාවේ .

කපිල කුමාර සිල්වා අතුරුදන් වි ඇත්තේ මාර්ත 27 සවස 6.30 ට පමණය. ඔහු පාන් ගෙඩියක් ගෙන එම සදහා කඩේ ගිය අවස්ථාවේදීය . දෙදරු පියෙක් වන ඔහු රැකියාව සදහා කර ඇත්තේ හේන ගොවිතැනය.කපිල කලින් යුද හමුදවේ සේවය කොට විශ්‍රාම ගොස් ඇත.

කපිල කුමාරගේ මව වන කුමුදුනී ජයසේකරගෙන් අම්බලන්ගොඩ පොලිසිය අද (08) උදේ පුතාගේ අතුරුදන් විම සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාගෙන ඇත. ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ද කපිලගේ මවට දුරකතනයෙන් කතා කොට කටඋත්තරයක් ලබා ගැනීම සදහා අද (08 )එම මුලස්ථානයට පැමිණෙන්නැයි දන්වා ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම මඩ පැවැත්විමට මුවාවි ආණ්ඩුව ඊනියා යුක්තිය මෙහෙයුම නම්න් සිදු කරන්නේ රාජ්‍ය භිෂණය සමාජය තුළ මුදා හැරීමකි . ගාලුමුදොර අරලගය පටන් ගන්න කොට මේ රටේ එදා වෙිලවත් සරි කර ගනන බැරිව සිට දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 30 කි . අද වන විට ලක්ෂ 30 ය පක්ෂ 56 දක්වා වැඩි වී තිබේ . දිනෙන් දින මහජනයා දුප්පතුනගේ ‌ගොඩ වැටෙන ප්‍රමාණය සිඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කම්කරු පීඩිත මහජනයගේ අතිමුලික ප්‍රශ්න පවා විසදන්නට අසමත් විම නිසා නැවත ජුලි 09 ක් නිර්මාණය වෙතැයි බියෙන් වික්‍රමසිංහ ආණ්ඩුව ඊනියා යුක්තිය මෙහෙයුම නමින් රාජ්‍ය ත්‍රස්තවාදය මහජනය මත මුදා හැර ඇත. හෙට දිනයේ මහ පාර පැමිණෙන මහජනයා බිරාන්ත කර තබා ගැනීම ඊනියා යුක්තියේ මෙහෙයුමේ අරමුණ වේ . මෙම ඊනියා මෙහෙයුම නිසා ‌ තරුණයන් 10 දෙනෙකුට පමණ සිය ජිවිත වලින් පවා වන්දි ගෙවන්ට සිදු වි ඇත. බන්ධනාගාර වල ගාල් කළ හැකි සංඛ්‍යාව 10. 900 වන අතර ‌ මෙම යුක්තියේ මෙහෙයුමත් සමග 30.000 වැඩි තරුණ පිරිසක් අවමානයට හා වධහිංසයට ලක් කරමින් සිරගත කර ඇත. කපිල කුමාර ද පැහැරගෙන යන්නේ ඊනියා යුක්තිය මෙහෙයුම මුවා වී ‌ගෙනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *