ගාලුමුවදොර අරගලයට අවුරුදු දෙකයි .අප්‍රෙල් 09 යෙන් ඇරඹුණු අරගලය ජයග්‍රහණය තෙක් පෙරට

මතක හිටින අප්‍රේල් (09) ඇරඹුණු ජනබලය ජයග්‍රහණය තෙක් පෙරට යන මැයෙන් ගාලුමුවදොර අරගලයට අවුරුදු දෙකාක් පිරීම නිමිත්තෙන් අද (09) සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය මගින්ය .

ගාලුමුවදොර අරගලයට අවුරුදු දෙකාක් පිරීමත් බදු බර දරන්න බෑ -ජනතාව හමතේ ! විනාශකාරී IMF කොන්දේසී වහා හකුළා ගනු! රනිල් -රාජපක්ෂ ජුන්ටාව – පන්නමු ! විවිධ ලිංගික අනන්‍යතාවයන් -නැම්යාවන් පිළිගනු ! යනුවෙන් කම්කරු -පීඩිත මහජනයා මුහුණ දෙන ප්‍රශ්න ද මෙහි දී ඉදිරිපත් කර තිබුණි .

මැර බලයට -ඉඩ අහුුුුරපු ජන බලයට -පාර කපපු අරගලයට -පෙරට ආපු ජනතාවකි -සටන් කරපු

බක්මසේ -නව වෙනිදා , ජය ලැබුවේ -පොදු ජනතා , අමතක නම් -හිතට ගනිං ,නැගිටිති යලි -පොදු ජනතා

බඩු තිබුනත්- කන්න බැරිය ,පසුම්බියේ -මුදල් නැතේ ,බිල් ගෙවලා -බදු ‌ගෙව්වම ,ලෙව කන්න -මදිිය පඩිය යනුවෙන් විරෝධතාකරුවන් හඩ නගා සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වුහ .

මෙම විරෝධතා උද්ෂෝෂණය සදහා ගාලුමුවදොර අරගලකරුවන් සැලකිය යුතු පිරිසක් සහභාගි වි සිටියහ .

පොලිසිය ,කැරැළි මර්දන පොලිසිය සහ සන්නා සන්නද්ධ හමුදා භට පිරිස් 500 ක පමණ පිරිසක් කොටුව දුම්රිය පොළ දෙපැත්තෙන් විරෝධතාකරුවන් වටකරගෙන සිටියහ. භට පිරිස් වලට අමතරව ජල ප්‍රහාරක රථ දෙකාක් පාර ‌පිටකොටු සහ කොටුව පැත්තේ නතර කර තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *