කපිල කුමාරගේ මවගෙන් අතුරුදන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයට පැමිණිල්ලක්

කපිල කුමාර‌ගේ අතුරුදන්විම සම්බන්ධයෙන් අද (09) රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි අතුරුදන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයට, අයිතිවාසිකම් සුරකිමේ කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් සහ අතුරුදන් පවුල් ඒකකුවේ නිලක්ෂි සහ අසංක අරබ්රත්න යන අය සමග ඔහුගේ මව අද (09) එම කාර්යාලයට ‌ගොස් පැමිණිල්ලක් කළාය.

අතුරුදන් වුවන් පිළිබද කාර්යාලය ශ්‍රී ලංකා රජය විසින් පිහිටු වන ලද්දක් වන අතර එය අධිකරණ අමාත්‍යංශය ජාතික එකාබද්ධ අංශය යට‌තේ පවතින්නකි .

මෙම ආයතනය උතුරු-නැගෙනහිර අතරුදන් වු තැනැත්තන් පිළිබද සොයා බැලීම සදහා පිහිටු වන ලද කාර්යාලයකි .

කපිල කුමාර මාර්තු 27 වනදා සවස හොරොව්පොතාන නගරයට පාන් ගෙඩියක් ගෙන එම සදහා ගිය අවස්ථාවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහුව පැහැර ගිය බව දුටු පුද්ගලයෙකු කපිල කුමාරගේ බිරිදට පවසා ඇත. ඔහු පාන් ගෙඩියක් ගෙන එම සදහා නගරයට ගොස් ඇත්තේ යතුරු පැදියකින්ය .යතුරුපැදිය හරස් කොට කපිල කුමාරව සිවිල් ඇදුමෙන් සැරසි සිටි පිරිසක් පැහැර ගෙන ගොස් ඇත. ඔහුව පැහැරගෙන අත්තේ විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විසිනි .දැනට කපිල කුමාරව පිටිගල පොලිසියේ රහසිගතව රදවා සිටින බව එම පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *