කොළඹ අපරාධ කොට්ඨාශය නාටකයක් රග දක්වමින් වෙඩි තබා මරා දැමු ගුවන් හමුදා රගර් ක්‍රීඩකයාගේ අවසන් කටයුතු අද සිදු කෙරිණ

ශාන්ත විජේසුරිය විසිනි

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මාර්තු 08 වන දා පාන්දර නිවසේ නිදාගෙන සිටියදී පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රගර් සංචිතය නියෝජනය කළ හා එම හමුදාවේ කොප්ල්වරයෙකු වු දිලන්ක ලක්මාල් රාජපක්ෂගේ (33) අවසන කටයුතු අද (09)පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේදී සිදු කෙරිණ .

ඔහුගේ අවසාන කටයුතු සදහා ප්‍රදේශයේ විශාල ජනකායක් සහභාගි වී සිටියහ . රාජපක්ෂගේ මෘත දේහය අරුක්වත්ත හන්දියට ගෙනැවිත් උද්ඝෝෂණයක් කරන්නට යන බව බුද්ධි අංශ මගින් දෙන ලද තොරතුරක් මත පාදුක්ක පොලිසිය සාමකාමී අවසන් කටයුතු සිදු කරන්නැයි ලබාගත් උසාවි නියෝගය අද (09 ) නිවසට භාර දීමට පැමිණි අවස්ථාවේ නොසන්සුන්කාරී තත්වයක් ඇති විය . ඒවැනි උද්ඝෝෂණයක් ඇති වුවහොත් එය මර්දනය කිරීම සදහා කැරැළි මර්දන පොලිසීය කැදවා තිබුණු අතර ජල ප්‍රහාරක රථ දෙකාක් පාදුක්ක පොලිසිය ඉදිරිපිට නතර කර තිබුණී .

මොරගහහේන මාලෝස්ඇල හන්දියේ මාර්තු (07) දහවල් ත්‍රීරෝද රථයකින් ගමන් කළ පුද්ගලයන් දෙදනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මගින් පාදුක්ක මිරියගල්ල පන්සල පාරේ පදිංචිව සිටි රාජපක්ෂව මාර්තු (08) පාන්දර පැහැරගෙන ගොස් මරා දැමු බවට ඥාතිහු චෝදනා කරති .

මොරගහහේන මාලෝසඇල හන්දියේදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි රූපසංහ ආරච්චිගේ නයනානන්ද සහ පිළියන්ද ප්‍රදේශයේ පදිංචි වසන්ත පෙරේරා යන අය වෙති . මොහුන් පානදුර පොලිසියට ගොස් අත්සන් කර ආපසු එමින් සිටියදී මෙසේ වෙඩි තබා මරා දමා ඇත. වෙඩිකරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකිනි .

බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මාර්තු (08) පාන්දර 2ත් -3ත් අතර මිරියගල්ල රාජපක්ෂගේ නිවසට කඩා වැදි එම නිවස පරික්ෂා කර ඇත්තේ රාජපක්ෂ මත්දව්‍ය බෙදාහරින ජාවාරම්කරුවෙකු බව පවසාය . සිටින තැන් වලම සිටින්නැයි නියෝග කර ඇති දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දුරකතනයෙන් කිසිවෙකුටවත් කතා නොකරන්නැයි ද නියෝග කර ඇත.

පුතා මාර්තු(08) වෙනිදා 8.30ටත් නිවසේ නිදාගෙන සිටි බවත් වැඩට යෑම සදහා පාන්දර 6ට අවධි කරන්නැයි තමාට පුතා පැවසු බව රාජපක්ෂගේ මව අප සමග පැවැසීය . දකුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මුළු ගෙයම පරික්ෂා කළ ද කිසිදු මත්ද්‍රව්‍යයක් හමු වි නැති බවත් පසුව කිසි දේයක් නැති වුණේ නැතැයි රාජපක්ෂගේ පියාගෙන් ගේ පරික්ෂා කළ නිලධාරීන් කොළයකට අත්සන් කරවාගෙන ඇතැයි රාජපක්ෂගේ වඩිමහල් සොයුරා අප සමග පැවැසීය. ගේ පරික්ෂා කළ නිලධාරීන් ‌ගෙයින් පිටව ගොස් විනාඩි දෙක තුනකට පසු යතුරු පැදියක් ධාවනය කර‌ ගෙන යන හඩක් රාජපක්ෂගේ මවට ඇසුණු බව ඇය ලංකා ස්කයි නිවිස් සමග පැවසුවාය .

රාජෂකගේ ඝාතනය සම්බන්ධව ගවෙිෂණාත්මක ලිපියක් ඉදිරියේදී ළුල වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *