යුක්තිය මෙහෙයුම තරුණයෙකුගේ වෘෂණ කෝෂයකුත් ගලවා ගනී

අනුරාධපුර මැදවච්චිය විරාල්මුරිප්පුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මාර්තු (07) වනදා තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම නිසා ඔහුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කර ඇත.

මෙම සැත්කම සිදු කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසිනි

මැදවචිචිය විරාල්මුරිප්පුව ප්‍රදේශයේ තරුණයන් දෙදනෙක් ගමන් කළ ඩිමෝ ලොරිය හරස් කර නතර කළ ,පොලිස් යතුරු පැදියකිිින් පැමිණි නිලධාරීන් දෙදනෙකු, එම ලොරියේ සිටි තරුණයන් දෙදනාට ලොරියෙන් ඇද අමානුෂික ලෙස පහර දී ඇත. එක් තරුණයෙකුගේ වෘෂණ කෝෂ ප්‍රදේශයට සහ පිට පහර දී ඇති අතර අනෙක් තරුණයාට බිම දමාගෙන පහර දී ඇත. පසු බෙල්ට් එකකින් ‌අත් දෙක බැද එම ‌ලොරියේම දමාගෙන පොලිසියට රැගෙනවිත් තිබෙි . ලොරියේ රැගෙන ආ තරුණයන් දෙදනා කුඩුවට දමා ඇත . පොලිසියට රැගෙන ගිය පසුත් එක් තරුණයෙකුට පොල්ලකින් පහර දී තිබෙි .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ ලොරිය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවත් පසු පොලිස් නිලධාරීන් එම ලොරිය ලුහුබැද ගොස් අල්ලාගෙන ඇති බවත් ලොරිය පරික්ෂා කරද්දී එහි සිටි තරුණයන් දෙදනා බිමත්ව සිටි බව පවසන මාධ්‍ය ප්‍රකාශක ලොරිය අල්ලාගෙන ඇත්තේ කිලෝ මිටර් 09 ක් ලුහුබැද ගොස්ය .පසු එම ලොරියේ තිබි විසි කරන ලද ලීටර් 05 දෙශීය මත්පැන් අඩංගු බුලියක් සොයා ගත් බවයි . සැත්කමට භාජනය වු තරුණයාට තුවාල සිදු වී ඇත්තේ ලීවරය මත වැටි මෙන් බවත් ඔහු මාධ්‍යයට පවසා ඇත.

සැත්කමට භාජනය වු තරුණයා ඔහුට අමාරු බව පැවසු පසු මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසු එම රෝහලේ වෛද්‍යවරු එම තරුණයාගේ තත්වය බරපතළ යැයි පැවසු පසු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

”අපි එද්දී පොලිස් වාහන පරික්ෂා කරනවා දැක්කා . මම ඉස්සර කරගෙන ආවා .අපි ටිකාක් දුර යද්දී ,ටැෆික් බයික් දෙකාක් ඇවිල්ලා අපේ ලොරිය හරස් කරලා නතර කළා . අපෙන් කිසිම දේයක් අහන්නේ නැතිව අලොරියේ දොරවල් දෙක ඇරලා අපි දෙන්නාව ඇදලා අරගෙන පහර දුන්නා. මගේ වෘෂණ කෝෂ දෙකටත් පහර දුන්නා. මගේ පිටුපසටත් පහර දුන්නා .මගේ යාළුවත් බිම දාගෙන පහර දුන්නා ත පස්සේ අපේ අත් දෙක බෙල්ට් එකින් බැදලා අපේ ලොරියේම දාලෙන පොලිසියට අරලෙන ඇවිල්ලා කුඩුවට දැම්මා . කුඩුවට දැම්මාට පස්සේ මට අමාරු වුණා . මම අපිව පොලිසියට රැගෙන ආ නිලධාරියාට කිව්වා මට අමාරුයි කියලා . පැයකට පස්සේ මාව මැදවච්චිය රෝහලට අරගෙන ගියා . මැදවච්චිය රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත අනුරාධපුර රෝහලට අරගෛන ගියා .පස්සේ ස්කෑන් එකාක් කළා .වෘෂණ කෝෂ වලින් ලේ වාහනය නිසා සැත්කමක් කරන්න අවශ්‍ය බව වෛද්‍යවරු පැවැසුවා” . පස්සේ සැත්කමක් කළා යැයි පහර කෑමට ලක් වු තරුණයා මාධ්‍යයට පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *