අපරාධ පරික්ෂණ නිලධාරියෙකුගේ දුරකතනයෙන් කපිල කුමාර රවිද්‍රගේ පවුලට කතා කරලා , ඒ ගැන කපිලගේ බිරිදට පැවැසුවා යැයි රවිද්‍රට බොරු චෝදනා දමා රිමාන්ඩ් කරයි.

මම ගාල්ලේ ෆියර් එකට ඇවිත් අමිලගෙන් මාළු අරගෙන ගිය බවත් උඹලා මන් ගැන දන්නා දේවල් කියන ලෙසත් එසේ නොකිවිවොත් මේ අය මාව මරා දමා වි යැයි කපිල කුමාර හඩමින් දුරකතනයෙන් පැවසු බව රවිද්‍ර කුමාරගේ ගෙදර අය පවසති.

අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවෙන් යැයි කියා ගත් හතර දෙනෙක් මාර්තු 28 වැනිදා උදේ රවිද්‍ර කුමාරගේ ‌ නිවසට පැමිණ ඇති බවත් ඒ පැමිණි එක් පුද්ගලයෙකු කපිල කුමාර මෙහි ආවා ගිය ද? මාළු රැගෙන ගියා දැයි ප්‍රශ්න කරද්දී , රවිද්‍රගේ බිරිද සහ ඔහුගේ මස්සිනා වන අමිල නැතැයි පවසා ඇති බවත් එහි දී එම ප්‍රශ්න කළ නිලධාරියා කපිල කුමාරව රදවාගෙන සිටින තැන නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් රැගෙන කපිල කුමාරට කතා කරන්නට සලස්වා ඇති අතර එම අවස්ථාවේ ඔහු එසේ පැවසු බව ඹවුන් පැවසුහ .

කපිල කුමාර ප්‍රශ්න කළ නිලධාරයාගේ කතා කර අමිලට දොස් නැගු පසු ඔහු නිවසට පැමිණ පසුව මාළු රැගෙන ගිය බව අමිලත් රවිද්‍රගේ බිරිද වන නාලිකාත් පිළිගෙන ඇත. උඹලා ඇත්ත නොකිවිවොත් උඹලාගේ එකාට තම ප්‍රශ්න ඇති වෙන්නේ යනුවෙන් ප්‍රශ්න කළ නිලධාරියා පවසා ඇත. උඹ බොරු කිව්වේ මන්දැයි ප්‍රශ්න කළ නිලධාරීය අමිලගෙන් අසද්දී . අමිලගේ බිරිද මැදට පැන මහත්තයා බය වෙලා ඉන්නේ, බලන්න සර් මහත්තයාගේ කකුල් පවා ගැහෙනවා යැයි පවසා ඇත.

මෙම අපරාධ පික්ෂණ දෙපාර්මේන්තුවේ යැයි කියා ගත් පිරිස් නැවතත් මාර්තු 31 සවස රවිද්‍ර කුමාරගේ නිවසට පැමිණ ඇති අතර එදින රාත්‍රි 12 වන තෙක් එහි රැදි සිට ඇත. එදින සුහදශීලිව කතා කළ බවත් නිවසෙන් පිටටව යන අවස්ථාවේ හැදුනුම් පත පෙන්නු බවත් එම පෙන්නු හැදුණුම්පතේ පොලිිසිය යනුනේ සදහන්ව තිබු බව ඹවුන් පැවසුහ .

කපිිල කුමාර කතා කළ බව රවිද්‍ර කුමාර කපිලගේ බිරිදට පවසා ඇති අතර පසුව කපිලගේ බිරිද ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් හොරොව්පොතාන පොලිසියට දැමීමට ගිය අවස්ථාවේ පැමිණිල්ල බාර ගැනීම පොලසිය මගින් ප්‍රතික්ෂේප කර තිබේ . එහි දී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කපිලගේ බිරිදගේ පැමිණිල්ල බාර ගන්නැයි හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති නියෝග කරන්නැයි කැබැතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෝසමක් මාර්ගයෙන් ඉල්ලා සිටියේය . එම නියෝගයත් සමග හොරොව්පොපොතාන පොලිසිය කපිලගේ බිරිදගේ කටඋත්තරයක් සටහන් කරගෙන ඇත.

කපිලගේ බිරිදගේ කටඋත්තරයෙන් පසු පිටිගල පොලිසිය රවිද්‍ර කුමාර අත්අඩංගුවට ගෙන අඩම්තෙට්ටම් කර , රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කපිල කුමාරට මිනීමැරීමට අනුබල දීම , නවාතැන් පහසුකම් දීම සහ මුදල් ආධාර වලින් උදව් කළා යන වෝදනා ගොනු කරමින්ය . රවිද්‍ර කුමාර යනු කපිල කුමාරගේ තාත්තාගේ අයියාගේ පුතා වෙයි .ඔහු මේ වන විට ගාල්ල රක්ෂිත බන්ධනාගාරයේ රදවා තබා ඇත. රවිද්‍ර කුමාර බෝපේ පොද්දල නගර සභාවේ සේවය සේවකයෙකි.

කපිල කුමාර පැහැර ගන්නේ මාර්තු (27) සවස 6.30 ට පමණය . ඔහුගේ මල්ලි වන කැළුම් නිරෝෂන්ව අනුරාධපුර මරදන්කඩවල ඉහල කහගම නිවසේදී මාර්තු (28) වැනිදි රාත්‍රීයේ කැකිරාව පොලසිය මගින් අත්අඩංතුවට ගෙන තිබෙි .ඔහු ධිවරයෙකු වන අතර මාස තුනකට ආසන්න කාලයක් මහා මුහුදේ සිට ‌ගොඩ බිමට පැමිණ ඇත්තේ මාර්තු 25 වෙනිදාය . පුතාව අරගෙන ගිහිල්ලා අනුරාධපුර විශේෂ කාර්ය බලකා කදවුරේ රදවාගෙන සිටි බවත් ගෙදර අයට ඔහුව පෙන්නු බව කී කපිලගේ මව කැකිරාව පොලිසිය නිරෝෂන් පුතාගෙන අහලා තියෙනවා කුඩු ග්‍රෑම් 09 තියෙනවා එක දන්න ද නැතිනම් මිනීමැරුම බාර ගන්නවා ද කියලා , පුතා කියලා තියෙන්ව සර්ලා කැමති නම් දෙකකම දාන්න, මොකද මම නැහැයි කිවිවාට සර් පිළිගන්නේ නැහැනේ ,මම අධිකරණයේදී එක බෙිරගන්නැයි පැවසු බව ඇය ලංකා ස්කයි නිව්ස් සමග පැවසුවාය .

කපිල කුමාරගේ හොරොව්පොතාන නිවසට මාර්තු 11 වෙනිදා ගොස් ඇති විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගාල්ලේ රැගෙන ගිය ගමන් බෑගය ඔහුගේ බිරිදගෙන් ඉල්ලා ගෙන ඇත .ගමන් බෑගය තුළ ඩෙනිම් කලිසමක් තිබි ඇති බවත් ගල්ලේ ඇද ගෙන ගිය ටී ෂර්ට් එක කොහේ දැයි එම නිලධාරීන් විමසා ඇති අතර කපිල කුමාර අතරුදන් වන අවස්ථාථා ඇද සිටියේ එම ටී ෂර්ට් එක බවත් ඔහුගේ බිරිද පවසා ඇත. සර් මගේ මහත්තයා කෝ කපිල කුමාරලේ බිරිද විමසු අවස්ථාථා ඔහු අප ලග නැතැයි පවසා ඇති අතර ඇදුම් අරගෙන යන්නේ මොනවාට දැයි ඇය විමසු අවස්ථාවේ පරික්ෂණ සදහා යැයි එම නිලධාරීන් වැඩිදුරටත් පවසා තිබිණ . මොකක් හරි අහන්න තියෙනවා වාදැයි විමසු අවස්ථාවේ මේක ගමක් සර් නිතර නිතර මෙහි එන්න එපා යැයි ඇය ඉල්ලා ඇති බව කපිල කුමාරගේ මව අප සමග පැවැසුවාය .

ගාල්ල පොලිසියෙන් ඊයේ (12) කපිල කුමාරගේ කහව අකුරල ‌නිවසට පැමිණ ඇති බවත් කරන්දෙණිය සුදාගේ පවුල සමග සම්න්ධාතා ඇති වුයේ කෙසේදැසි ඔහුගේ මවගෙන් ප්‍රශ්න කර ඇත . කරන්දෙණිය සුදාගේ මල්ලි සමග රාජු සමග කොමාන්ඩෝ බලකායේ එකම කණ්ඩායමේ සේවය කළා නේදැයි ප්‍රශ්න කර ඇත . පවුල් දෙක අතර මිත්‍රය ඇති වන්නේ රාජු පුතා හරහා බව කපිල කුමාරගේ මව පිළිගෙන ඇත. සුනාමි අවස්තාවේ කරණදෙණියේ සුදා සහ රාජු තම පවුලට උදව් කළ බවත් එහි දී රාජු සමග ඇති වු ඒ සම්බන්ධය තවත් ශක්තිමත් වු බවත් කපිල කුමාරගේ මව විවෘතව පිළිගත් බවත් දවස් දෙකාත් ඇතුළත කපිල කුමාර ගැන තොරතුරක් ලබා දෙන බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව මුහුණ ගැසු‌ණේ කෙසේ දැයි එම පැමිණි පොලිස් නිළධාරීන් කපිලගේ මවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කළ බව අප සමග කිවාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *