යුක්තිය මෙහෙයුම මහජනයාගේ මුදල් කොල්ල කයි

 යුක්තිය මෙහෙයුම නමින් මාතර ගන්දර මිල්ලැව ප්‍රදේශයේ මාර්තු (11)  සෝදීසි මෙහෙයුමක් සිදු කර ඇති බවත් එහි දි තරුණයන් හතර දෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් එම තරුණයන් සතුව තිබු මුදල් කොල්ල කා ගත් පොලිස් නිලධාරින් ඔවුන්ට අතින් මත්ද්‍රව්‍ය දමා අධිකරණයට ඉදිරිපත් කළා යැයි එම තරුණයන්ගේ දෙමව්පියන් පොලිසියට චෝදනා කරති .

මෙසේ අත්අඩංගුවට ගත් අසංක ප්‍රිය දුලාන්ජලි (19) නැමති තරුණයා අත අවුරුද්දට රේදි ගැනීම සදහා රුපියල් 8000 ක මුදලක් තිබි ඇති බවත් එම මුදලෙන් රුපියල් 5000 ක් ගන්දර පොලිසියේ නිලධාරියෙකු විසින් කොල්ල කා ඇත. ඉතිරි රුපියල් 3000ත් අයිස් පැකට්යකුත් දමා දුලාන්ජලිව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පසු ශරීර ඇප දෙකාක් මත එම තරුණයාව ඇප මත මුදාහැර තිබිණ .

 දුලාන්ජලි සමග අත්අඩංගුවට ගත් අනෙක් තරුණය සතුව තිබු මුදල් ද පොලිසිය කොල්ල කෑ බව එම තරුණයා ලංකා ස්කයි නිවිස් වෙත පැවසිය . එම තරුණයාගේ පියා පොලිසියේ හිටපු සාජන් වරයෙකි .

තරුණ ළමයිව අත්අඩංගුවට අරගෙන සිදු කරන අපරාධයට එරෙහිව ගන්දර දේවාලයට ගොස් පොල් ගසන්නැයි ගන්දර පොලිසියේ නිලධාරියෙකු දුලාන්ජලිගේ මවට පැවසු බව ඇය අප සමග පැවසුවාය .

පොලිස් අණ නොතකා ධාවනය කළා යැයි අනුරාධපුර මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් තරුණයන් දෛනෙකුට පහර දීම නිසා එක් තරුණයෙකුගේ වෘෂණ කොෂයක් ද ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට සිදු විණ. එසේ සැත්කමට භාජනය වු තරුණයාගේ පිය ද පොලිස් දෙපාර්මේන්තුවට අනුයුක්තව සේවය කරන සාජන්වරයෙකි .

අයිස් භාවිතා කරන පුද්ගලයෙකු ඔහු සතුව අයිස් නොමැතිව අවස්ථාවක අත්අඩංගුවට ගෙන අයිස් ් හෙරොයින් දමා බන්ධනාගාරගත කිරීම සාපරාධි වරදකි . අද ඊනියා යුක්තිය මෙහෙයුම නමින් බහුලව සිදු වන්නේ අත්අඩංගුවට ගන්නා තරුණ ,තරුණියන්ට අයිස් හෝ හෙරොයින් දමා බන්ධනාගාර ගත කිරීමය. හෙරොයින් එන්නට පෙර සහ පසු පොලිසිය පුද්ගලයන්ගෙන් පලි ගත්තේ අත් බෝම්බ දමාය . හෙරොයින් පැමිණිමත් සමග හෙරොයින් බිස්නස් කළා යැයි මහාධිකරණයේ නඩු පැවරිණ. පොලිසියට එරෙහි වන්නේ ගෙන් අද පලි ගන්නේ අයිස් හෝ හෙරොයින් දමාය .

මාලිගාවත්ත පොලිසිය දවසකට පුද්ගලයන් 100 ක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුයි . එය පොලිස්පතිවරයාගේ නියෝගයකි . මෙම අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් වරද කුමක් දැයි තීන්දු කරන්නේ පොලිස් නිලධාරිය විසිනි . පාරේ යන සහ කඩවල් වලට පැමිණේන පුද්ගලයන් පවා අත්අඩංගුවට ගත් අවස්ථා වාර්තා විය . පෙදරෙරුවෙක් තමන්ගේ සහයකා එන තෙක් නුගේගොඩ බස් නැවතුම් පොලේ සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරිමෙන් පසුව මිය ගිය පුවතක් වාර්තා විය .‌ මිරිහාන පොලිසියේ නිලධාරීන් එම පෙදරේරුවා රැගෙන ගොස් තිබුණේ ඔහු යාචකයෙකු යැයි කියාය .

ඊනියා යුක්කිය මෙහෙයුමේ නිරතව සිටින පොලිස් නිලධාරීන් හට අසිමිත බලයක් පැවරීම නිසා කම්කරු -පීඩිත මහජනයා බන්ධනාගාරගත කර අවමන් කිරීමට අමතරව රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගනිමින් පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සහ වධබන්ධනයන්ට ලක්කර මරා දැමිම අරඹා ඇත. මේ වන විටත් පාතාලය සහ මත්දව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කරන මුවාවෙන් රටපුර වධකාගාර පිහිටුවා ඇත.

ආණ්ඩුව හදිස්සියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීමට පටන් ගත්තේ මහජන වෛරයට පාත්‍ර වී ඇති ධනපති ක්‍රමය බලහත්කාරයෙන් පවත්වා ගැනීමටත් ආර්ථික අර්බුදය හමුවේ දුප්පත් කමට ඇද වැටි ඇති ලක්ෂ පනහක වැඩි මහජනතාවක් නැවත කැරැළි ගසයි යැයි බියට පත්ව සිටින රනිල් -රාජපක්ෂ කල්ලිය සමාජය බිරාන්ත කර තබා ගැනීමටත්ය .

සමගි ජන බලවෙිගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවෙිගයේ නායක අනුර කුමාර දිසානායක ද ඊනියා යුක්තියේ මෙහෙයුම ගැන වචනයක් කතා නෙකෙරන්නන වග බලාගෙන ඇත . මන්ද එක පැත්තකින් ඔවුන් පැමිණිය ද යුක්තියේ මෙහෙයුම නතර ‌නොකරන බව දෙන ඉගියක් වන අතර එම මෙහෙයුමෙන් ඇස් නිලංකාර වි සිටින පසුගාමී සමාජ තට්ටුවේ සහාය උලා කෑම නිසාය. ව්‍යාජ වම ද සුළු ධනේශ්වර සහ මධ්‍යම පාන්තික උවමනාවන් සදහා විවිධ සටන් පාඨ මැතිරුවද යුක්තියේ මෙහෙයුමට ප්‍රසිද්ධියේ පෙනි නොසිටින්නේ ඒම පසුගාමී සමාජ තට්ටුව අවුල් වේ යන බියෙනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *